Posts

රෝස පිපෙන්නෙ මැයි වල.

Image
රෝස පිපෙන්නෙ මැයි වල


එක පුංචි රෝස පැලයක් තිබ්බා. තනියම හුදකලාවෙ හිටිය මේ රෝස පැලේ එක මලක් පිපුණා. ඒ මල ලස්සනට සුවඳ හමන්න ගත්තා. දකින දකින හැමෝම අනේ ලස්සන රෝස මල කීවා. ගහ ගොඩක් ආඩම්බර වුනා. ඒත් දුක් වුනා ඒ රෝස මල තනියම නිසා. ගහට කොච්චර ඕනෙ වුනත්, ගහ කොච්චරක් ආසාවෙන් හිටියත් ඒ රෝස මලට තනි රකින්න තව රෝස මලක් ආවෙම නෑ.


ඔහොම අවුරුදු ගානක් ගියා. ශීත කාල ගොඩාක් පහුවුනා. වසන්ත කාල නොදැනීම ගියා. ග්‍රීශ්ම කාලවල රෝස ගහ හෙම්බත් වුනා. තනිකම සෑහෙන්න දැනුනා. රෝස මල ආඩපාලි කීවා මට තනියි කීවා, අනේ රෝස ගහ , බලන්න අනිත් ගහ් හැමඑකේම මල් ගොඩයි කීවා. රෝස ගහ ඒ ඔක්කොම දරාගත්තා.. රෝස ගහ දකින , රෝස ගහ විඳින අයත් රෝස ගහෙන් ඇයි ආය මල් නැත්තෙ ඇහුවා. ඒවට දෙන්න රෝස ගහට උත්තර තිබ්බෙ නෑ. රෝස ගහ තනියම ඒ හැම එකම දරාගත්තා. තමන්ගෙ එකම රෝස මල පණ වගේ රැක්කා.


ඔන්න එක නපුරු ශීත කාලයක් ඉවර වෙලා ලස්සන වසන්ත කාලයක් ආවා. රෝස ගහ හරි ආදරෙන් ඒ වසන්ත කාලය වැළඳ ගත්තා. රෝස පිපෙන්නෙ මැයි මාසේ, රෝස ගහ තිස්සෙම හිතුවෙ එහෙම.. ඉතින් දැන් මැයි ඇවිත් රෝස ගහ බලාපොරොත්තු දල්වාගත්තා.. බලා හිටියා. ආසාවෙන් බලා හිටියා..


මෙන්න දවසක් උදේ, ලස්සනම ලස්සන…

මට ඕනෙ පුතෙක්.

Image
මට ඕනෙ පුතෙක්


පුංචිම කාලෙ මම හිතන් උන්නෙ දුවෙක් වෙන එක තමයි මේ ලෝකෙ සතුටුම දේ කියල.එහෙම හිතන්න ඕනෑවටත් වඩා සාධක මට ගෙදර පරිසරය දීලා තිබ්බා. පුත්තු දෙන්නෙක්ට පස්සෙ අවු. 5 ක ඇවෑමෙන් ලැබුන දුවව අම්මල පිළිගන්න ඇත්තෙ කුමාරිකාවක් ගානට. මම වුනත් හිතන් හිටියෙ එහෙම.මහා ලොකු යානවාහන සැප සම්පත් නොතිබුනාට කිසිම අඩුවක් පාඩුවක් නැතුව ඉල්ලන ඉල්ලන දේ ඒ පමාවටම ලැබෙන කොට මම හිතුවෙ දුවෙක් වීම තමයි එකම සතුට කියල.


ඇස් වලට උනන පොඩිම කඳුළකට වුනත් හේතුවෙන හැම දේම විනාසම කරල දාන්න පුළුවන් අයියල දෙන්නෙක් දෙපැත්තෙන් ඉද්දි මම හිතුවෙම නංගියෙක් වීම තමා ලොකුම සතුට කියල. ඉස්කෝලෙ මල්ල පවා පංතියටම 8 වසර වෙනකල්ම උස්සගෙන ගිහින් දෙන අයියෙක් මට ඉද්දි, යන එන හැම තැනටම ආරක්ශාව දෙන්න අයියෙක් ඉද්දි, ඉල්ලන හැමදේම දෙන්න අයියෙක් ඉද්දි, මම හිතුවෙම කෙල්ලෙක් තමා වාසනාවන්තම කියල.



තාත්තගෙ ආදරේ සින්නක්කරවම ලියාගද්දි, තාත්තගෙ ලඟට මැස්සෙක්ටවත් එන්න නොදී තාත්තව මගේ තනි දේපලක් කරගද්දි, ඒ සරම් ඔඩොක්කුව අයිති මටම විතරක් වෙද්දි, අම්ම කෑ ගහන ගානෙ මාව රකින්න තාත්ත පෙරට එද්දි, මම ලියන හැම අකුරකටම සතුටු කඳුලක් තාත්තගෙ ඇස් වල උනද්දි, මම ලබපු, ලබන …

නිවීම.

Image
ආදරය රැඳෙන්නේ හිත නිවෙන තැනකය.


අපි හැමෝටම තියෙන්නෙ අඩු වැඩි වශයෙන් ගිණිගත්තු ජීවිත. එකම තරඟයක, එක එක වේග මට්ටම් වලින්, එක එක අරමුණු මතින්, ඒත් එක දිගට හැල්මේ දුවන ජීවිත. මේ ජීවිත වලට ආදරය කියන්නේ ඔසුවක්. ඒක නියම් හෝ වේවා අනියම් හෝ වේවා, කාටවුනත් තියන පොදු අවශ්‍යතාවක්. හැමෝම කැමති හිනාවෙලා සතුටින් ඉන්න. කූඩුවක ඉන්න කවුරුත්ම කැමති නෑ.


බොහෝ සම්භන්ධතා වලින් ගිණිගන්න මිනිස්සු ඒ ගිණි නිවන්න හොයාගන්න තැන තමයි ආදරය රැඳෙන්නෙ. කිසිම අයිතිවාසිකමක් නැතුව , ඒත් කිසිම නීතියක් තහනමකුත් නැතුව , හිතේ හැටියට ආදරේ කරන්න පුළුවන් හිස් පිට්ටනියකට කවුද අකමැති? කරණම් ගගහා ආදරේ කරන්න පුළුවන් අවකාශයක් තියෙද්දි කවුද හිරවෙන්න කැමති? ඕක තේරුම් ගන්න පුලුවන්නම් බොහෝ පවුල් ගැටුම් වුනත් වලක්වාගන්න පුළුවන්.


සැකය කියන්නෙ මේ ආදරේ කියන ගහ විනාශම කරල දාන්න පුළුවන් පිළිලයක්. ඕක ඔඩු දුවන්න දුවන්න අර ආදරේ ගහ බාල වෙනව. අන්තිමේ සැකය ප්‍රධාන ශාකය වෙලා ආදරේ නැත්තටම නැති වෙලා යනව. මෙන්න මේ සැකය හිතට එද්දිම අපිට පුලුවන්නම් වල් නාශකයක් පාවිච්චි කරල ඒක මරල දාන්න එතකොට අපිට පුලුවන් ආදරේ ගහ මැරෙන්න නොදී රැකගන්න.


ආදරය ගහට ඕනම පොහොර තමා…

අගමැති සමයම

Image
ටිපී උතුමා හා අගමැති සමයම.

ටිපී මහතාට කාලෙන් කාලෙට තියෙන්නේ එක එක ආසාවන්‍ ය. ගුවන් යානයක යන කළ එතුමාට ගුවන් නියමුවෙකු වන්නට හිතෙනා අතර, නැවක යන විට එතුමාට අවැසි කප්පිත්තෙකු වන්නටය. විටෙක තමා මෙලොව හොඳම බැලේ නර්තන ශිල්පියා වන බව කියන එතුමා තව විටෙක කියන්නේ මම බස් රියදුරෙක් වනවා කියාය.


එතුමාගේ සිහින වල කිසිවිටෙක හෝ දොස්තරවරයෙකු, ඉංජිනේරුවෙකු නොමැති අතර, අභ්‍යවකාශගාමියෙකු, කිමිදුම්කරුවෙකු වැනි අය නම් ඇත. ඒ සියලු හීන හමුවේ එතුමා තම මවගෙන් අසනා එක් කාරණාවක් ඇත. ඒ නම් මම එහෙම කෙනෙක් වුනාම අම්මට අර දියමන්ති මාලෙ අරන් දෙන්න පුළුවන් නේද? යිය. ඊට පාදක වූයේ පාර අයිනේ තියෙනා කඩයක් වන අතර එය විනාඩි කීපයක කුඩා සිදුවීමකි.


ටිපී මහතා ඉංග්‍රීසි පංති ඇරී එන අතර වාරයේ ෆ්‍ලොරන්ස් නගර මද්‍යයේ ඇති ස්වර්ණාභරණ කඩයක් පසු කරන්නේය. එතුමා කොහොමත් තම මවගේ බඩු මුට්ටු ආයිත්තම් ගැන ඕනෑවට වඩා වෙහෙසෙන්නෙකු වන බැවින් එකී කඩය ඉදිරිපිට නැවතී "අම්මේ මේ මාලෙ ඔයාට ලස්සනයි " වැනි වැකි දොඩන්නේය. මේ සමයම විනාඩියෙන් නොනැවතෙන්නක් බැවින් එතුමාගේ මව කුමක් හෝ කියා එතැනින් ඉවත් වන්නේය. මෙසේ දිනක් මාලයක් පෙන්නා කියෝන එතුමාට …

රාත්‍රී සමයම

Image
ටිපී මහතා හා රාත්‍රී සමයම.



ටිපී මහතා මේ දිනවල ඉන්නේ මේ ලෝකයේ නොවනා අතර එතුමා සමහර අවස්තාවල ඉන්නා ලෝකය පිළිබඳව එතුමාද හරිහැටි නොදන්නා වග නිවැසියන්ට පෙනෙන්නට තියනා කරුණකි. 🙄 මේ දවස් කීපයේම එතුමාගේ පුංචන් ඔලුගෙඩිය ඇත්තේ එතුමාගේ බැලේ ඇකඩමිය මගින් මෙවර රඟ දක්වන පිනෝකියෝ 🤥බැලේ මුද්‍රා නාට්‍යයේ වන අතර, එහි පෙර පුහුණුවීම් කටයුතු වල නිරත වන එතුමා නිවසට එන්නේද ප්‍රමාධවය.


මේ කියනා දිනයේද එතුමා නිවසට එන විට රාත්‍රී අට පමණ වූ අතර, නිවෙසින් රාත්‍රී ආහාර ගැනීම තරයේම ප්‍රතික්ෂේප කළ එතුමා 😠 තමන්ට පූර්ණ ඉතාලි ආහාර වේලක් ඉතාලි අවන්හලකින් ලබා නොදුනහොත් කොහොමටවත්ම බැලේ නාට්‍යයේ කටයුතු සාර්ථක නොවන වගද කියවන්නට විය. 😏එතුමාගේ මව මේ දිනවල තරමක අසනීප ගතියකින් පසුවීම හේතුවෙන් සියලු නාහෙන් ඇඬීම් පියා වෙතම ඉදිරිපත් කරන්නට යෙදෙන එතුමාගේ එකී නාහෙන් ඇඬීම් නවතනු වස් පියා විසින්ම ලක ලෑස්ති කොටගෙන අසල වූ අවන්හලකට එක්ක යන ලදී. 😍


එසේ නිවසින් බැහැර ගිය පිය පුතු ඩබල යලි නිවසට එන විට රාත්‍රී එකොළහත් පසුවී තිබූ අතර, දත් මැදීමත්, ඇඟ සේදීමත්, චූ දැමීමත් තරයේම ප්‍රතික්ෂේප කළ එතුමා නිදිකිරා 😴වැටෙමින් සමයං කියවන්නට වූ අතර අ…

දයියා සමයම

Image
❤️ටිපී උතුමා හා දයියා සමයම. 




🔹 මහතාට සාමාන්‍යෙන් සැරට කන්නට බැරිය. ඒ එතුමාට ඒවා නුහුරු නිසාය. ගෙදර කිරි හොද්දට පවා අමුමිරිස් නැට්ටක් වැටුනද එතුමා මර හඬ දෙන්නේ මිරිස් කිලෝවක් කෑ ලෙසය. ඒවා බොරු සෝබන බෙරිහන් දීම් කියා දනිතත් එතුමාගේ පුංචන් බඩ ගෙඩියට නුහුරු නිසා අසනීපයක් වත් වේවි යැයි බියෙන් එතුමාගේ මව ගෙදර ටිපී කෑම වට්ටෝරු කිසිවකට මිරිස් යොදන්නේ නැත. ඉඳහිට ලාවට මිරිස් සැර දෙතත් එදිනට මුලු තට්ටු දහයටම ඇහෙන්නට මැරෙන්න හැදීම එතුමාගේ සාමාන්‍ය විදිහය. වතුර බොමින් සීනි හා චොකලට් කමින් මෙලොවින් මිරිස් තුරන් කල යුතු යැයි කියමින් ගෝරනාඩු කරන ටිපියා එවන් අවස්ථාවල මහා සමයමකි.


🔸කොහොමත් එතුමා කන්නේ සමයං කෑමය. එක කෑමක රහ වැටුනොත් ඒ කෑම අප්පිරියා වන තුරුම එයම තුන් වේලට කෑම එතුමාගේ සිරිතය. ඉන් පසුව එය මතකයෙන් ගිළිහෙන අතර එතැනට තව කෑමක් පැමිණේ.ඉන්පසුව හැසිරෙන්නේ අර පෙර කෑ කෑම අවුරුදු මිලියන ගානකින්ම නොකෑ නොදන්නා අප්පිරියා සහගත කෑමක් ලෙසය. මේ සමයං නිවැසියන්ට පුරුදු අතර අසල්වැසි ශ්‍රී ලාංකික පවුල් දෙක තුනද මේ වනවිට එතුමාගේ ක්‍රියා කලාපය ගැන යම් අවභෝධයක සිටී. එනිසා එකී ගෙවල් වලදී භාවිතා වන , අනේ නැන්නෙ මම…

බැලේ සමයම

Image
ටිපියා හා බැලේ සමයම.




ටිපී මහතාට මේ දිනවල ඕසෙට වැඩය. එක දිගට එක එක ප්‍රසංගය. එතුමාගේ බැලේ ඇකඩමියෙන් පවත්වන පිනෝකියෝ බැලේ නාට්‍යයට තමාවත් කුඩා චරිතයකට තෝරාගෙන තිබෙන වග කුඩා ටිපී මහතා මහත් උජාරුවෙන් ගෙදර පාරම්බෑ අතර එකී චරිතය වෙනුවෙන් මහා ලිස්ට් එකක්ද ගෙදර මේසය මතට අතාරින්නට එතුමා කටයුතු කලේ තම දෙමාපියන් ගේ හදවත් මොහොතකට නතර කරවමින් වගත් කියන්නම ඕනෑය. ඒ සියලු අඩුම කුඩුම එතුමා විසින් මනෝමයෙන් හදාගෙන තිබූ ඒවා බැවින් එතුමාගේ මව එකී ලිස්ට් එකම ගුලිකොට ජනේලෙන් එහා පැත්තේ කුණු බක්කිය දක්වාම විසිකර දමනු බලා සිටි ටිපී මහතා , මට ඒ වුනාට අලුත් ඇඳුමක් ඕනෙ පුරුදු වෙන දවස් වලට අඳින්න යැයි කීය.




එය නෑසූ කන්ව සිටි ඈ දෙස බලා යලිත් එතුමා

අම්මේහ්හ් මට ඕනෙ තව අලුත්.......

කියමින් තව බොහෝ දෑ කියන්නට තතැනූ අතර ,

නෑ මුකුත් දෙන්නෑ ඉස්සෙල්ල ඩික්ටේශන් වලට ඔක්කොම ලකුණු අරන් පෙන්නන්න යි කියමින් මව ඉවත ගියාය. ඈ යන දෙස බලා සිටි එතුමා තම සුසුම වා තළයට මුදා හැර ඊගාවට තම පියා වෙත හැරී දෙසන්නට සූදානම් වෙත්ම , එතැනට කඩා වැදුන මව විසින්, "අප්පච්චී ආය බබාට තැගි අරන් දෙන්නෙ ඩික්ටේශන් විස්සෙන් විස්ස ගත්ත දාට විතරයි …